01

.............#තටු සිඳුණු සමනලියක්#.............

              #කෙටි කතාවකි#

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

මගෙ නම #අදීශා#...........මගෙ පවුලේ අම්මයි තාත්තයි මායි අයියයි මල්ලියි.........මම පොඩි කාලේ ඉදන්ම ඉගනීමට හරිම දක්ෂයි........ඒ වගේම සංගීතයටත් ක්‍රීඩාවටත් දක්ෂයි........ඒ නිසාම මට පවුලේ අය වගේම ඉස්කෝලේ ගුරුවරුත් හරිම ආදරෙයි.........

මම 9 වසරේ ඉද්දී තමයි මට #කැලුම්# අයියාව හම්බ උනේ.........කැලුම් අයියා මාස හයක් විතර මගෙන් ආදරේ ඉල්ලලා පස්සෙන් ආවා.........ඒත් මට ආදරේ කරන්න බය හිතුනා.........මොකද මම අම්මා තාත්තා ගුරුවරුන්ගෙ වචනයට පිටින් යන්නේ නැති නිසා......ඒ නිසා මම කැලුම් අයියාට කැමති උනේම නෑ........

ඒත් කැලුම් අයියා මං ගැන ලොකුවට බලාපොරොත්තු තියාගෙන හිටියා.......ඒ නිසාම කැලුම් අයියා අදහස අත අරින්නේ නැතුව ආදරේ ඉල්ලගෙන පස්සෙන්ම ආවා........අපි යාලුවෝ වගෙ ඉමු කියලා මම කොච්චර කිව්වත් කැලුම් අයියා ඇහුවේ නෑ.........අපි දෙන්නා ඉස්කෝල දෙකක.......කැලුම් අයියා හැමදාම ඉස්කෝලේ ඇරිලා හවසට එනවා පිට්ටනියට සෙල්ලම් කරන්න.......මාත් යනවා...........

ඒ හැම දවසකම කැලුම් අයියා කිව්වේ නංගී මං ගැන ටිකක් හිතලා බලන්න හිතලා බලන්න කියලා........ඒත් මගෙ හිතේ නම් එහෙම අදහසක් තිබ්බේ නෑ.........ඔහොම ඉන්නකොට එකපාරටම කැලුම් අයියා පිට්ටනියට එන එක නැවැත්තුවා.......එතකොට නම් මට දැනුනේ මහ පුදුම පාලුවක් තනිකමක්........ඒ වගේම දුකක්...........

පස්සේ මම කැලුම් අයියාගෙ යාලුවෙක්ගෙන් ඇහුවා ඇයි දැන් කැලුම් අයියා එන්නේ නැත්තේ කියලා........එයා කිව්වා කැලුම්ට දැන් එපා වෙලා ඉන්නේ ඒ නිසා එයා විභාහගේ ඉවර උනාට පස්සේ කොළඹ යනවා කියලා........ඒකට නම් මට ගොඩක් දුක හිතුනා........මම ගෙදර ඇවිත් නොකා නොබී ඇඬුවා..........

ඊට පස්සේ දවසක් කැලුම් අයියා පිට්ටනියට ඇවිත් හිටියා.......එදා නම් මට දැනුනේ හරිම සතුටක්........එදාත් කැලුම් අයියා මගෙන් ඇහුවේ මොකද ඔයා මගෙ යෝජනාවට කියන්නේ කියලා........ඒත් මම මුකුත්ම නොකියා නිහඬව හිටියා.......ඔහොම කාලේ ගෙවිලා ගියා........ ඊට පස්සේ මම හොඳට හිතලා බලලා කැලුම් අයියාට කැමති උනා......කැලුම් අයියා හිටියේ ඒ ගැන ලොකු සතුටකින්.........

අපි ගොඩක් ආදරේ කලා........අපිට අපි නැතුව ඉන්න බැරි තරම් ආදරේ කලා.......මට අයියා පොඩි ෆෝන් එකක් අරන් දුන්නා.......මම දවසම කලේ ඒ ෆෝන් එකෙන් අයියා එක්ක මැසේජ් කරපු එක.........මට ඉගන ගන්න එක පවා අමතක උනා........ඉගනීමට තියන උනන්දුව ටික ටික අඩු උනා.........ඇත්තටම මම පොතක් අතින් ඇල්ලුවේ නෑ.........දවසම කලේ අයියා එක්ක මැසේජ් කරපු එක..........

දවසක් මගෙ ෆෝන් එක අම්මාට අහු උනා........එදා අම්මා හොඳටම මට ගහලා ෆෝන් එකත් පොලොවේ ගැහුවා........ඒත් මම අනිත් ෆෝන් එකෙන් කැලුම් අයියාට කෝල් කලා මැසේජ් කලා.......ඒකත් ගෙදර අහු වෙලා ගුටි කෑවා......ඒත් මම කැලුම් අයියාව නම් අමතක කලේ නෑ......ඉස්සර මගෙ තිබ්බ අහිංසක කම යටපත් වෙලා මම මුරණ්ඩු වෙන්න පටන් ගත්තා.......ගෙදර අය කියන දේවත් ගුරුවරු කියන දේවත් මම ඇහුවේ නෑ........

එන්න එන්නම මම ඉගනීමට තියන දක්ෂකම අඩු උනා.......පාඩම් කලේම නෑ......ඉස්කෝලේ ගුරුවරු උගන්නනකොට මම හිටියේ වෙනම ලෝකෙක.........මට කැලුම් අයියා දුන්න ලියුම් පවා ඉස්කෝලෙට අහු උනා......ගුරුවරු මට ගොඩක් අවවාද කලා.......ඒත් ඒවා මම කනකට ගත්තේ නෑ........අම්මා ෆෝන් පොලොවේ ගහන ගහන පාරට කැලුම් අයියා මට ෆෝන් එකක් ගෙනත් දුන්නා..........

ඊට පස්සේ කැලුම් අයියා විභාහගේ ඉවර වෙලා කඩේක වැඩට ගියා.........මට දැනුනේ පුදුම දුකක්.......පාලුවක්........ඒත් කැලුම් අයියා මට කෝල් කලා.......කොහොම හරි පොතක් අතින්වත් අල්ලන්නේ නැතුව විභාහගෙත් කලා........හැමෝම බලාපොරොත්තු තියාගෙන හිටියේ මම A  නවයක් අරන් ඉහලින්ම විභාහගේ පාස් වෙයි කියලා...........ඒත් විභාහගේ ප්‍රතිඵල ආවාම හැමෝගෙම ඇස් උඩ ගියා.......මට තිබ්බේ A -3 යි , B -2 , C - 2 ,S -2 යි.........ඒ නිසා මම හැමෝගෙන්ම බැනුම් ඇහුවා.........

මට වෙන ඉස්කෝලෙකට යන්න ඕන උනත් ගෙදරින් මාව වෙන ඉස්කෝලෙට යවන්න බය උනා........ඒ මම කැලුම් අයියා එක්ක එහෙ මෙහෙ ඇවිදියි කියන බයට.......කොහොම හරි මම වෙන ඉස්කෝලෙටත් ගියා......කැලුම් අයියා එක්ක කතා කරන එක ඒ ආදරේ නම් මොනා උනත් වෙනස් උනේ නෑ..........කැලුම් අයියා හැම මොහොතකම මාව සතුටින් තිබ්බා.......මම කැමති කෑම ගෙනල්ලා දුන්නා.........අපි හරි සතුටින් හිටියා............

කැලුම් අයියා රස්සාව කරලා සල්ලී එකතු කර ගත්තා........ඒ සල්ලී එකතු කරලා කැලුම් අයියා ත්‍රීවිල් එකක් ගත්තා........ඊට පස්සේ රස්සාවෙන් අයින් වෙලා කැලුම් අයියා ත්‍රිවිල් එක අරන් හයර් ගියා........අපේ ගෙදරින් කැලුම් අයියා ගැන හොයලා බලලා එයාට කැමති උනා.......ඊට පස්සේ ඉදන් මාව පන්ති අරන් ගියේ ගෙදර ගෙනත් දැම්මේ ඔක්කොම කැලුම් අයියා.......අපි කවදාවත් පන්ති නොයා ඇවිදින්න ගියේ නෑ.........කොහොම හරි මම උසස් පෙල විභාහගෙත් කලා.........ඊට පස්සේ මම කෝස් එකක් කරන්න පටන් ගත්තා.......කැලුම් අයියාත් කෝස් එකක් කරන්න පටන් ගත්තා..........

අපේ ආදරේ හරි ලස්සනට ගලාගෙන යද්දී එකපාරටම කැලුම් අයියා වෙනස් වෙන්න පටන් ගත්තා........මට කෝල් කලේ නෑ.......මැසේජ් කලේ නෑ.......මම කෝල් කරන හැමවෙලාවකට ෆෝන් එක බිසී උනා..........මගෙ හිතට ඒක ලොකු සැකයක් උනා.........මම හිටියේ හරිම දුකෙන්............පස්සේ දවසක් කැලුම් අයියා මාව හම්බ වෙන්න ආපු වෙලාවක එයාගෙ ෆෝන් දෙකම අරන් මම කෙලින්ම බස් එකේ නැඟලා ආවේ මගෙ යාලුවෙක්ගෙ ගෙදරකට........මම එහෙ ඉදන් කැලුම් අයියාගෙ ෆෝන් එක සේරම බැලුවා........

කැලුම් අයියා වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා........දෙයියනේ.........ඒ දුක මගෙ පපුව පසාරු කරගෙන කිඳා බැස්සා.........මගෙ ඇස් මටම විශ්වාස කරන්න බැරි උනා........මම පස්සේ ඒ කෙල්ලට කතා කලා.......ඒ කෙල්ල කැලුම් අයියාගෙ මාමා කෙනෙක්ගෙ දුවෙක්.......ඒ කෙල්ල මාත් එක්ක හොඳටම රණ්ඩු උනා........පස්සේ මම කැලුම් අයියාගෙ ෆෝන් එක අපේ මල්ලී කෙනෙක් අතේ කැලුම් අයියාට යැව්වා.........

මම නොකා නොබී ඇඬුවා........වැලපුනා.......මම කැලුම් අයියාට කතා කරන හැමවෙලාවකම එයා මට බැන්නා.........මාව එපා කිව්වා........පස්සේ පස්සේ මේ ගැන ගෙදර අයත් දැන ගත්තා........අපේ ගෙදරින් කැලුම් අයියලා ගෙදර ගිහින් මේ ප්‍රශ්නේ ගැන කතා කලා.......කැලුම් අයියාගෙ අම්මලා නම් කැමති උනේ නෑ මාව අත අරිනවට.......ඒත් කැලුම් අයියා ගොඩක් වෙනස් උනා.......මම ඉස්පිරිතාලෙ මාසයක් නැවතිලා හිටියා.......ඩොක්ටර්ස්ලා කිව්වේ මට කිසිම ලෙඩක් නෑ කියලා.........

ඒත් මම කාත් එක්කවත් කතා කලේ නෑ.........කෑවේ බිව්වේ නෑ.......ඔහේ බලා ගත්තු අත බලාගෙන හිටියා.........මට ඒ දුක කොහොමවත්ම දරාගෙන ඉන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.......මම මාස දෙකකට වැඩිය කෝස් එකට ගියෙත් නෑ.........ඔහොම කාලේ ගෙවිලා ගියා.......මම අමාරුවෙන් උනත් හිත හදාගෙන ආයෙත් කෝස් එක කරන්න පටන් ගත්තා.........

කාලය ගෙවිලා ගියා.......ඔය අතරෙදී තමයි මට #පසන්# අයියා හම්බ උනේ......එයා අපි යන බස් එකේ තමයි වැඩ කලේ........දැක්කත් මුලින් මුලින් මම ඒ තරම් එයාව ගනන් ගත්තේ නෑ........පස්සේ දවසක් පසන් අයියා මගෙ ෆ්බී එකට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාලා තිබ්බා.........මම ඉතින් දන්න නිසා ඒක ඇක්සෙප්ට් කලා.......එයා මගෙ ෆොටෝ වලට කමෙන්ට් කලා........ඒ විදිහට දිගටම දිගටම මගෙ ෆොටෝ වලට කමෙන්ට් කලා.........

ඊට පස්සේ පසන් අයියා මගෙ මැසෙන්ජර් වලට මැසේජ් දැම්මා........ඒ විදිහට අපි දිගටම චැට් කලා........මගෙ ෆෝන් නම්බර් එක ඉල්ලගෙන නිතර නිතර මට කෝල් කලා.......එයා පාන්දර හතරට තමයි බස් එකේ වැඩ පටන් ගත්තේ.......මම තමයි ඒ වෙලාවට කෝල් කරලා පසන් අයියාව ඇහැරවන්නේ........ඔහොම ඔහොම කාලේ ගෙවිලා ගියා.......පසන් අයියා නිසා මට ටික ටික කැලුම් අයියා අමතක වෙන්න පටන් ගත්තා..........

කෝස් එක ඉවර වෙලා මම ට්‍රේනින් වලටත් යන්න පටන් ගත්තා........මම පසන් අයියාට චැට් කලේ යාලුවෙක් වගෙ.......ඒත් දවසක්  පසන් අයියා මගෙන් ඇහුවා එයාගෙ කෙල්ල වෙන්න කැමතිද කියලා........පසන් අයියා මම නොහිතපු විදිහට මගෙන් ආදරේ ඉල්ලුවා.......ඒත් මම එකපාරක් හොඳටම මට්ටු වෙලා දුක් වින්ඳ නිසා මම බෑම කියලා කිව්වා.......කොහොම හරි මාස දෙකක් විතර පසන් අයියා මගෙන් ආදරේ ඉල්ලගෙන ආවා........

ටික කාලෙකට පස්සේ මම පසන් අයියාට කැමති උනා.......මොකද මට එයාට අකමැති වෙන්න ඒ වෙනකොට හේතුවක් තිබ්බේ නැති නිසා........අපි ගොඩාක් ආදරෙන් හිටියා.......ගොඩක් ආදරේ කලා.......නිතරම කෝල් කරනවා මැසේජ් කරනවා.......ඇත්තටම මට කැලුම් අයියාව අමතකම වෙලා ගියා.........මගෙ ට්‍රේනින් එක ඉවර උන ගමන් අපි කසාද බඳිමු කියලාත් තීරණය කලා......දවසක් පසන් අයියා මට කලුතර යන්න කතා කලා.......

ඒත් ගෙදරට බොරු කියලා  යන්න බැරි නිසා මම කැමති උනේ නෑ එහෙම යන්න........ඒත් මම දවසක් අම්මාට යාලුවෙක්ගෙ ගෙදර යනවා කියලා බොරු කියලා පසන් අයියා හම්බ වෙන්න ගියා.......අපි කැළනි පන්සල්  ගිහින් මුහුදත් බලන්න ගිහින් හොටෙල් එකක රූම් එකක් අරගෙන නැවතුනා........අපි ටිකක් වෙලා කතා කර කර ඉදලා කාලා නිදා ගත්තා.........මම නිදා ගත්තේ ඇඳේ........පසන් අයියා නිදා ගත්තේ රෙද්දක් එලලා බිම.........

නිදාගෙන ඉන්න අතරෙදී මහ රෑ මට බාත්රූම් එකට යන්න ඕන නිසා ඇහැරුනා.........මම පසන් අයියාවත් ඇහෙවගෙන බාත්රූම් එකට ගිහින් ඇවිත් ඇඳට ආවා........එදා හොදටම වැස්ස දවසක්.......ගොරව ගොරව විදුලි කොටමින් වැස්සා.........මට හරි බය හිතුනා තනියම ඉන්න........මම පසන් අයියා ලඟට ගිහින් පසන් අයියාව බදා ගත්තා.........කිසිම දවසක පිරිමියෙකුගෙ උණුසුම නොලද මම පසන් අයියාට තව තවත් තුරුල් උනා.........

අපිට අපිවම පාලනය කර ගන්න බැරි උනා.......එදා මම පසන් අයියාට මගෙ පිවිතුරු බව පූජා කලා........පහුවෙනිදා උදේ පසන් අයියා කිව්වා දැන්ම අපි කසාඳ බඳිමු කියලා........ඒත් මම ආවේ ගෙදරට බොරු කියලා.......ඒ නිසා මට ඒ වෙලාවේ ඒ තරම් දැඩි තීරණයක් ගන්න හිත හදා ගන්න පුලුවන් උනේ නෑ.......ඊට පස්සේ පසන් අයියා මාව යාලුවාගෙ බෝඩිමට ගෙනල්ලා දැම්මා.......

කාලය ගෙවිලා ගියා........අපේ ආදරෙත් ගලා ගෙන ගියා........ඒත් ටික කාලයකින් පසන් අයියා වෙනස් උනා.........මාව මඟ අරිනවා වගෙ මට තේරුනා......මට කොල් කරන එක මැසේජ් කරන එක අඩු උනා.........මම ඇඬුවා.......මගෙ හිතට දැනුනේ ලොකු සැකයක්.........මම එයාගෙන් ඒ ගැන ඇහුවාම මට බනිනවා........පස්සේ මම තනියම එයාව හොයාගෙන කතරගමට ගියා........ගිහින් කෝල් කරලා කිව්වා මම කතරගමට ඇවිත් ඉන්නේ මාව හම්බ වෙන්න එන්න කියලා.........

ඊට පස්සේ මට බැන බැනම පසන් අයියා මම ඉන්න තැනට ආවා........ගෙදරට මුරණ්ඩු වෙලා වැඩ කරනවා කියලා එයා මට හොඳටම බැනලා එයා මාව ආයෙමත් ගෙදරට ගෙනත් දැම්මා.........එදායින් පස්සේ පසන් අයියා කලේම මට බැනපු එක........ටිකක්වත් මට ආදරෙන් කතා කලේ නෑ..........එදායින් පස්සේ අද වෙනකන් පසන් අයියා මාව බලන්නවත් ආවේ නෑ........දැන් මාස දහයක් වෙනවා.......තාම මට පසන් අයියා කතා කලේ නෑ.........මට පස්සේ ආ‍රංචි උනා එයා කලුතර පැත්තේ කෙල්ලෙක් එක්ක යාලු වෙලා කියලා......ඒත් මම ඒකේ ඇත්තක් බොරුවක් දන්නේ නෑ..........

පසන් අයියා නිසා මම අදටත් විඳවනවා.........මම හැමදේම අත ඇරලා හොඳට ඉගන ගත්තා නම් අද මට මෙහෙම වෙන්නේ නෑ කියලා මට නිතරම හිතෙනවා.......දැන් මට නිදහසේ පියාඹන්න බයයි........මොකද මගෙ තටු සිඳිලා තියෙන්නේ.......ඒ නිසා මම හැමදාම තනියම හිතින් විඳවන #තටු සිඳුණු සමනලියක්# වේවී........

                    *********නිමි*********

.................................................................................

මේක සත්‍ය කතාවක්.........ආදරේ හා මුරණ්ඩු තීරණ නිසා දුක් විඳින තවත් එක් යුවතියක්.........

❤ ගැහැනු ලමයින්ට කියන්න තියෙන්නේ ඉගන ගන්න කාලේ උපරිම වෙහෙස වෙලා ඉගන ගන්න........වෙන වෙන දේවල් වලට හිත යොමු කරන්න එපා.......හැමදේටම නිසි වයසක් හා නිසි කාලය පැමිණිය යුතුයි........ඒ නිසා ඉගන ගන්න කාලේ ඉගන ගන්න දරුවනේ...........

❤ ඒ වගේම දෙමව්පියන්ට බොරු කියන්න එපා.......ඒකෙන් වෙන්නේ අවසානයේ තමන්ම මුලාවකට පත් වීම පමණයි.......

❤ වැදගත්ම දේ ආදරය යනු රාගය නොවේ........රාගය එහි එක් කොටසක් උවද එය විඳීමට අයිතිය ඇත්තේ විවාහයෙන් පසු පමණයි.........

❤ ගැහැනියකට ජිවිතේ වැරදුනොත් ඒ වරද නිවැරදි කර ගන්න හරිම අමාරුයි.......ඒ නිසා පුලුවන් තරම් ජිවිතේ වරද්ද ගන්නේ නැතුව බුද්ධියට මුල් තැන දෙන්න.........

❤ පැයක දෙකක සතුට වෙනුවෙන් තම මුලු ජිවිතේම විඳවන යුවතියක් නොවන්න........

කතාව කියවලා කමෙන්ට් එකක් දාගෙනම යන්න.......

Comments

Popular posts from this blog

යස්ස ගෑනී