ප්‍රාර්ථනා

"මේ...තමුසෙ ඒ කෙල්ලට ලව් නේද?"

"අනේ...යමන්...බන් යන්න.."

"කියනවකෝ..."

"ආදරේ උනත් කොහොමද ප්‍රා කියන්නෙ මම... මේ කරුම ලෙඩේ නිසා.."

ඒ දේව් දහම්ස වණිගසේකර..ඇය ප්‍රාර්ථනා සෙහංසි  දිසානායක...දේව්ගේ මව සහ ප්‍රාර්ථනාගේ මව කුඩා කල සිටම යෙහෙලියන් වන අතර ඒ බැදීම අද දේව් සහ ප්‍රාර්ථනා විසින් ඉදිරියටත් ගෙන යන්නේ ඒ දැඩි මිතුරු බැදීම තව තවත් ශක්තිමත් කරමිනි....ඔවුන් දෙදෙනා යන පංතියේ දේව්ගේ සිත දිනා ගත් සුපිපි අමන්දා පිලිබඳව තමයි මේ දෙන්න මේ මොහොතේ කතා වන්නේ....

ඇත්තෙන්ම කිව්වොත් දේව් හදවත් රෝගියෙන්..ඉක්මනින්ම දේව්ට හදවත් සැත්කමක් කල යුතු බව වෛද්‍යවරුන්ගේ මතය වුණි..නමුත් තවමත් ඔහුට ගැලපෙන හදවතක් හමු වී නොමැති වීම නිසා සියල්ලෝම සිටින්නේ ඉතා මානසික දොම්නසකිනි..ඔහුගේ සැත්කම සාර්තක වූවොත් පමණක් සුපිපිගෙන් ආදරේ පිලිබඳව විමසීමට ඔහු සිතාගෙන සිටියි.

"හෙලෝ...සුපි...මම ප්‍රාර්ථනා .."

"කියන්න ප්‍රා..."

"මට පොඩ්ඩක් ඔයාව හම්බෙන්න ඕනෙ..ලයිබ්‍රි එක ලගට එනවද..."

"හා හරි...ඒත් හදිස්සියෙම."

"ඔයා එන්නකෝ.."

"හා..හරී...."

ප්‍රාර්ථනා මේ සැරසෙන්නේ...දේව්ගේ හිතේ තියන් දුක් වන දේ ඇය විසින් සුපිපිට පවසා ඇයගේ අදහස පිලිබඳව දැන ගැනීමටය..මන්ද යත් දේව් මෙලෙස දුක් වෙනවාට කෙල්ල කවදත් අකමැති නිසා ය..

"ආ...උබ කියපු වෙලාවටත් කලින් ඇවිත්නේ.."

"ඇයි...ප්‍රා..හදිස්සියෙම.."

"ඔව්..හදිස්සියෙම තමා...දෙයක් කියන්න ආවෙ.."

"මොකක්ද..."

"මේක කිව්වට ඔයා අපි ගැන මොනවා හිතන් ඉන්නවද දන්නෙ නෑ..ඒ වගේම මම ආවෙ අද ඔයාගෙන් මේ ගැන ඔයාගෙ අදහස දැන ගන්න..."

"කියන්න ප්‍රා.."

"මේකයි..ඔයා දන්නවනේ..මායි, දෙව් කියන්නේ..හරියට...ගහට පොත්ත වගේ..ඒ තරම් බැදීමක් තියෙනවා..හැබැයි ඔයා ඒක වැරදියට එහෙම හිතන්න එපා..ඒක ආත්මගත සහෝදර බැදීමක් කියලයි මට හිතෙන්නෙ...අනික මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා...අපි දෙන්නගෙ එෆෙයා එකටත් අවුරුදු දෙකක්....ඇත්තටම මම ආවේ හදිසියේම....ඔයා නොදන්නව ඇති..දේව් ඔයාට ගොඩක් ආදරේ කරනවා..හැබැයි අහන්න බයේ ඉන්නේ...ඒක ගැන අහන්නයි එන්න කිව්වේ.."

"ඒ ඇයි බය.."

"ඒ..එ..එයා..හදවත් රෝගියෙක් නිසා.."

"දෙයියනේ...මොකක්ද .."

"ඔව්..සුපී..ඒ වුනාට එයාට ඉක්මනටම ඔපරේෂන් එකක් කලාම හරී..ඉස්සර සල්ලි ප්‍රශ්නෙ තිබ්බේ..ඒත් දැන් ඒක හරි.. තාම හාර්ට් එකක් හම්බුනේ නෑ..එයාගෙ ඒ ඔපරේෂන් එක කලාම ඔයා එයාට ආදරේ කරනවද...එයාව හොදින් බලා ගන්නවද.."

"මම එයා ව දැක්ක දවසෙ ඉදලයි ප්‍රාර්ථනා ආදරේ කලේ..ඒත් මම හිතුවෙ ඔයාල දෙන්නා කපල් එක කියලා..ඒ උනත් එයා මට විශේෂයක් දක්වනව කියල හිතුනා..මට පස්සෙ ආරංචි උනා ඔයාට සිනෙරූ කියලා බෝයි කෙනෙක් ඉන්නවා කියලා..ඇත්තමයි මම ගොඩක් දේව්ට ආදරෙයි..ගොඩක්..මේ ඉස්සර ඉදලම..."

"තැන්ක් යූ සෝ මච්...කෙල්ල ඔහේ හිටියට ඔක්කොම ගැන හොයලා නේද..ඉට්ස් ඕකේ..එනිවේ..මගේ හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් උනා..දේව්ට දැන්ම කියන්න එපා ඕකේ.."

ප්‍රාර්ථනා ගොඩක් සතුටින් නිවසට ගොස් සයනයේ දිගු හුස්මක් හෙලන ගමන් දිගා වුණා..

"මොකද දූ..."

කාමරයට එබී ප්‍රාර්ථනාගේ මව එසේ විමසුවා..

"අම්මේ..අද මට මාර හැපි..දන්නවද..දේව් කැමැත්තෙන් ඉන්නව කිව්ව කෙල්ලගෙන් මම අද ඇහුව..දේව්ට ආදරේද කියලා..කෙල්ල ඔව් කිව්වනේ..සුපිපි ගොඩක් හොද ලමයෙක් අම්මේ..ඒකයි මට ගොඩක්ම සතුටු.."

"අනේ..මන්ද චූටි දූ ඔයානම්..හ්ම්ම්..එන්න..වොශ් එකක් දාල කෑම කන්න.."
"ආ...මේ..පරිස්සමට අඩිය තියල එන්න..මම දැන් මොප් කලේ.."

ප්‍රාර්ථනාගේ අම්මා ආයෙත් දොර ලගට පැමිණ කියල ගියා..

"හරි හරි අම්මේ.."

බෲම් ...

'ආ..ආන්ටි....ඒ ටිකට අපෙ අම්මා ආන්ටිගේ කනේ තිබ්බද 
ප්‍රාර්ථනා එසේ සිතමින් ෆෝන් එක ආන්සර් කලා.

"හෙලෝ...ආන්ටි..."

"අ...අ..නෙ..අනේ..දූ..."

"ආ..ආන්ටි...අනේ..ආන්ටි...ඇයි මේ..ආ.."

"අනේ..දූ...දේව්ට හොදටම අමාරු වෙලා හොස්පිට්ල් අරන් ආවා..."

"දෙයියනේ..."

"එ..එයා..ට..පැය තුනක් ඇතුලත හදවත් සැත්කමක් කරන්න ඕනෙලූ...නැත්නම් එයාගෙ ජීවිතේ බේර ගන්න බැරි වෙයිලු...අනේ..දූ..මගේ දේව්.."

"ආන්ටි...ආන්ටි..අඩන්න.එපා..හරි..මම අම්මත් එක්ක එන්නම්..."

"අනේ..ඔව්..දූ..පුලුවන්නම් එන්නකෝ..මට බයයි දූ..මගෙ මැණික ගැන.."

"හරි ආන්ටි හරි..බුදු සරණයි "

ප්‍රාර්ථනාට උන් හිටි තැන් අමතක උනා..දේව්...ඇයගේ සෙවනැල්ල මෙනි..පොඩි කාලෙ සිට ඔහු අඩනවට, දුක් වෙනවට ප්‍රාර්ථනා කෙසේවත් කැමති නැත..දේව්ත් එසේමය..ඇය ඉක්මනින් නැවතත් ඇදුමක් දාන් රෝහලට යාමට සූදානම් විය..

බෲම්ම්...

ඒ පාර කවුද...

"හෙලෝ..."

"ප්‍රා ..මම දේව්ට කෝල් කරන්නද දැන්.."

"දෙයියනේ සුපි ඔයාද..අනේ...සුපී.....අනේ...දේව්ට අමාරු වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරලා..මම දැන් යන්න හදන්නේ..ඔව්..ඔයත් හොස්පිට්ල් එකට පුලුවන්නම් එන්න.."

ප්‍රාර්ථනා ඉක්මනින් කියවන් ගියා..

"දෙයියනේ..මගෙ දේව්..අනේ..අනේ...මම දැන්ම...එනවා..බායි.."

"අම්මා...අප්පච්චි ...ඉක්මනට ලැහැස්ති වෙන්න...දේව්ට ආමාරු වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරලා"

ඇය කලබලයෙන් ප්‍රාර්ථනාගේ අම්මගේ කාමරයට ගොස් කාර්  එකේ යතුරත් රැගෙන පඩි පෙල බහින්න විය..

"අහ්..අම්මේ...ආයි....."

නොහිතූ මොහොතක ඇයගේ කලබලය නිසා පලවෙනි පඩියටම අඩිය තබනවාත් සමගම පඩි පෙල් වල වතුර ගතිය තවමත් තිබීම හේතුවෙන් පය ලිස්සා පහලට රෝල් වී ගියා..ඇයව අල්ලා ගැනීමට කිසිවෙක් ලග අහලක සිටියේ නැත..

"අනේ...දූ....කමල්....අනේ...මගේ දෝණි...දෙයියනේ..මැණික..ඇස් අරින්න...අනේ.."

"දෙයියනේ...මොකක්ද මේ වුනේ..ඉක්මනට හොස්පිට්ල් එක්ක යමු.."

ඇයගේ හිසෙන් නොකඩවා ලේ වහනය වූ අතර සිහිසුන්ද වී සිටියා.
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

"බය වෙන්න එපා අම්මේ...ඔයාලගෙ පුතාගෙ ඔපරේෂන් එක කරන්න පුලුවන් දැන්..අපිට හාර්ට් එකක් හම්බුනා..දැන් ටිකකට ඉස්සෙල්ලා ගෑණු ලමයෙක් එක්ක ආව ඇක්සිඩෙන්ට් එකක් වෙලා..එක්ක එනකොටත් නැති වෙලා.."

'දෙවියනේ...මම ඇත්තටම සතුටු වෙන්නද දුක්වෙන්නද ඕනේ..මගේ පුතා ජීවත් වෙනකොට තවත් අම්මෙක්ට ලමයෙක් සදහටම නැති වෙලා...'

දේව්ගේ මව හිස බදන් අසල පුටුවට බර උනා..

"මදාරා...ඔයා දන්නවද අපේ පුතාට හදවත ලැබුනෙ කාගෙන්ද කියලා.."

දේව්ගේ මව අසලින් දේව්ගේ පියා වූ සහන් වාඩි වෙන ගමන් ඇසීය..

"නෑ..සහන්...ඇයි..කවුද..ඒ..."

"ඒ..ඒ..තමයි...අපේ...අපේ.."

"කියන්න සහන්..අපි දන්න කෙනෙක්ද..ආ...ප්‍රාර්ථනා දුවලා තාම ආවෙත් නෑ..මට මහා ලොකු බයක් දැනෙනවා.."

"ඔයා හරි මදාරා...ප්‍රාර්ථනා දූ ගෙ හාර්ට් එක තමයි බද්ද කලේ.."

"දෙයියනේ...අනේ...රත්තරනේ...කොහොමද එහෙම උනේ...ඇයි දෙවියනේ...මම කොහොමද මේක විශ්වාස කරන්නේ..."

"අඩන්න එපා මදාරා ...අපිට හිත හදාගන්නම වෙනවා.."

සහන් මදාරාගේ හිස පිරිමදින ගමන් පැවසී ය.

"ගනේශා හොදටම අඩනවා ඇති..එයා ලග..."

"මම ගිහිං ආවෙ දැන්...මතකද ඔයාට අර එක දවසක් අපි දෙන්නට ෆොටෝ එකක් ගෙනත් පෙන්නුවෙ දේව් ආදරේ කරන ගෑනු ලමයෙක් ගැන ප්‍රාර්ථනා දූ..එයලගේ ගෙදර කට්ටියම ඇවිත් ඉන්නවා හොස්පිට්ල් එකට..."

කාලය ඉතා හෙමින් පැය ගානක් ගෙවී ගියා..

"පේශන්ට සිහිය ආවා..හැබැයි බලන්න ගියාට කමක් නෑ..වැඩිය කතා කරන්න එපා එයත් එක්ක...ඕකේ.."

හෙදියක් දේව්ගේ මව අසලට විත් පැවසුවා..

"අනේ...මගේ පුතේ...ඔයාට..ඔයාට දැන්...හොදයි මගෙ පුතේ..."

"රිදෙනවද පුතේ.."

"හ්ම්ම්..ඔව් අප්පච්චි ...."

"ඔයත් එක්ක වැඩිය කතා කරන්න එපා කියලයි අපිට කිව්වේ.."

"සුපී...."

පිරිස අතරේ මුහුණ හොවන් සිටි සුපිපිව දැක දේව් පුදුම වුණි.

"අයියේ...අනේ...ඔයාට දැන් හොදයි නේද..ආ...මම ඔයාට ගොඩක් ආදරෙයි...ඔයා කියන්න බයේ නේද හිටියේ..ආ..".

සුපිපි ඔහු අසලට ගොස් සෙමින් දකුණත පිරිමදින ගමන් විමසුවා...

"හ්ම්ම්...අර ගෙම්බි ඔයාට කිව්වද මං ගැන..මේ..ක්..කෝ...ප්‍රා...ආ.."

සැවොම බිම් බලන් නිහඩව හිදින්නට විය..

"අම්මේ..අප්පච්චි ...කෝ ප්‍රාර්ථනා ...ඇයි ආවෙ නැත්තේ..ආ...කෝ..එයා.."

"පු..පුතේ..මේ..ප්‍රා..."

"ප්‍රාර්තනා දැන් ඉන්නේ ඔයාගේ මෙතන..මගෙ පණ ගොඩක් හොදින් බලගන්නව කියලා පොරොන්දු වෙන්න දේව්.."

පිරිස අතරින් පැමිණ සිනෙරූ දේව්ගේ මැහුම් දමා ඇති ස්තානය පිරිමදින ගමන් දේව්ගේ ඇස් දෙක දෙස සෘජුව බලන් කීවා..

"මොකක්...දෙයියනේ....ප්‍රා..ප්‍රාර්ථනා..."

දේව්ද දෑත් ගෙන පපුව පිරිමදින්නට විය..

"ප්ලීස් උබ දුක් වෙන්න එපා..එතකොට මගෙ මැණිකත් දුක් වෙනවා...තේරුනා ද...මගෙ කෙල්ල දුක් වෙනවට මම කැමති නෑ..උබ දන්නවනේ දේව්..මම ප්‍රා ට කොච්චර ආදරේ කලා ද කියාලා..හ්ම්ම්.."

ඔහු හිත ශක්තිමත් කරන් පවසා...දෑසට නැගුනු කදුලැලි දෑතින් පිසින ගමන් පිරිස අතරින් නික්ම ගියා...

❤❤❤❤💓💓💓💓💔💔💔💔💔💔💔💖💖💖💖

 එක් අයෙක්ට ජීවිතය ලැබෙන විට ,
තවත් අයෙකුට ජීවිතය අහිමි විය..

එක් මවකට, පියෙකුට තම දරුවාගේ සෙනෙහස ලැබෙන විට,
 තවත් මවකට, පියෙකුට තම දරුවාගේ සෙනෙහස අහිමි විය..

එක් පෙම්වතෙකුට තම පෙම්වතියගේ ආදරය ලැබෙන විට,
තවත් පෙම්වතෙකුට තම පෙම්වතියගේ ආදරය අහිමි විය..

අප සිටින්නේද එම හිමි අහිමි වීම් සිදු වන ලෝකයක බව මතකයේ තබන් ජීවත් වීම නොවේද සුදුසු....

මම,
සකූ

Comments

Popular posts from this blog

01

යස්ස ගෑනී