යස්ස ගෑනී
කෙටි කතාවකි
යස්ස ගෑනි
"තමුසේ අද මොකද මේ වැඩිපුර බෙදන්න කියන්නේ...ඇයි වෙනදට මදි වුනාද බත්...කාත් එක්ක ජෝඩු දාලා කන්නද කවුද දන්නේ වැඩිපුර බෙදන්න කියන්නේ...."
අපොයි ඉතින් මේ ගෑනිත් එක්ක පුලුවන්ද.හැමදාම හුන්ඩුවක් සයිස් එකට බත් එකක් බැදලා දෙනවා හැරෙන්නවත් මදිනෙ.
"තමුසේ කියන්නේ තමුසේ අර බෙදලා දෙන බත් ඇට දෙක තුන කාලා ඉන්න කියලද දවසම....මමනේ බඩු ගේන්නේ....වැඩිපුර ටිකක් බෙදනවා...."
"හහ්...බඩු ගේන නිසාද ඔච්චර පවර් එක...එහෙනම් තමුසේ ගේන බඩු වලින් තමුසේම උයාගෙන කනවා..."
ගෑනිට බය වෙලා ඉන්න පුලුවන්ද යකූ කියලා හිතලා මමත් දැම්මා වයිපරේට පොඩි සද්දයක්.සතුටුයි..සතුටුයි...බත් බෙද බෙද හිටිය හැන්දත් පොලේ ගහලා යකූ ගියේ.ඒකේ තිබ්බ බත් ඇට දෙක තුනක් සුවද සබන් ගාලා හෝදපු මගේ මූනේ.
ඔන්න ඔහේ ඕන සීනි බෝලයක් කියලා මම ම බත් බෙදා ගන්න ගත්තේ දැන් ගෑනි මේ පැත්ත පලාතේ එනවා බොරු කියලා දන්න නිසා.මට ඕන විදියට බෙදා ගන්නත් පුලුවන්නේ.
උයලා තිබ්බ බත් හැලියෙන් බාගයක් විතර මම කෙසෙල් කොලේට හලා ගත්තේ අදනම් බඩ පැලෙන්න කනවා කියලා හිතාගෙන.සෝචනීයයි බං.දැන් මේ මගුල ඔතන්න බෑ කියහංකෝ.දැන් ගෑනිගේ පිහිට පතපංකෝ...අයියෝ මට බෑ....😭වැඩට යන්නත් පරක්කු වෙනවා යකූ.
කෝකටත් කියලා සාලෙට ඔලුව දාලා බැලුවේ අපේ වයිපරේගේ මූඩ් එක මොන වගේද කියලා බලාගන්න.අම්මෝ ඔය ඉන්නේ පුපුර පුපුර.
ඕන මගුලක් කියලා හිතාගෙන දකුනු කකුල ඉස්සරහට තියලා වම් කකුල පස්සට තියලා ගෑනි ලගට ගියේ පුරුශ ශක්තිය හිතට නෙවෙයි ඔලුවටම අරගෙන.
"මේ...."
"මොකද...."
සතුටුයි..සතුටුයි...මේ වගේ ගෑනු එක්ක දෙයක් කතා කරන්න පුලුවන්ද අයියෝ...යක්සනී වගේනි යකූ.එහෙම කියලා අද දවල්ට බඩගින්නේ ඉන්නද මචංලා.ඒක නිසා දැම්මා පපුව ඉස්සරහට.බැලුවා කෙලින්ම ගෑනිගේ මූන දිහා.
"බත් එක බැදගන්න බෑ...ඒක ඔතලා දෙනවකෝ...."
"හහ්...මහලොකුවට ලෝකේ පෙරලන්න කතාව...ඒ වුනාට බත් එකක් ඔතා ගන්න බෑ...."
එහෙම කියලා ඉදගෙන හිටිය පුටුවත් පස්සට දාලා නැගිට්ටා නිකං සුලි කුනාටුවක් ආවා වගේ මාව පස්සට විසික් වුනේ.සිරා යකූ.
ගෑනි ගස්සගෙන කුස්සියට යනකොට මමත් ඒ දවස් වල හොරපොල් කඩලා වත්තේ අයිතිකාරයට අහු වුනාම යනවා වගේ ඔලුවත් පාත් කරගෙන වයිපරේ පස්සෙන්ම කුස්සියට ගියේ බත් එකත් අරගෙන ඉක්මනට මාරු වෙන්න.
"තමුසේ බත් හැලියම හලා ගත්තද මේකට...දැන් දවල්ට මොනවද කන්නේ තමුසෙගේ ඔලු ගෙඩියද මම..."
ඉවරයි ඉවරයි...කන් දෙකේ ඇබ ගහ ගන්න සයිස් එකට දෙස් තිය තිය මං දා ගත්ත බත් එකෙන් බාගයක්ම ආයෙත් මේ ගෑනි මුට්ටියට දාගත්තා කියහංකෝ.ඊට පස්සේ වෙනදා බෙදන හුන්ඩුවක් සයිස් එකට වඩා චූට්ටක් වැඩියෙන් දාලා බත් එකක් ඔතලා මට දුන්නේ හරියට ඇගට දමලා ගහන්න වගේ.තව පොඩ්ඩෙන් දවල්ට බත් කන්න වෙන්නේ වැලි එක්ක යකූ.
කොහොමහරි ගෑනිගේ ගෑසුත් බලලා බොස්ගේ ගෑසුත් බලන්න හිතාගෙන ගෙදරින් එලියට පැන ගත්තේ බස් එකක් අල්ලගන්න හිතාගෙන හැටට හැටේ දුවන ගමන්.
පාරට ඇවිත් සැමන් ටින් එකක මාලුව බස්සලා වගේ ෆුල් පටවපු බස් එකක ඇතුලට කොහොමහරි අන්ඩක් දාගෙන එල්ලිලා ඇවිත් ඔෆිස් එක ලගින් බැහැ ගත්තේ ඇදගෙන ආපු ව ඇගේ තියෙනවද නැද්ද කියලත් ශුවර් නැතුව.
ඔෆිස් එකට ඇවිත් ඉද ගත්තා විතරයි එහා පැත්තේ එකී නහයෙන් අඩන්න ගත්තේ හොටුත් පෙර පෙර යකූ.මොන මගුලක්ද මංදා මේ ගෑනුනම් මලම වාත ඕයි.
"මොකෝ මේ අඩන්නේ ආ...මිනිහා වෙන ගෑනියෙක්වත් ගෙනාවද..."
හුටා....වැරදි දෙයක් කියවුනාද මංදා.එක පාරටම උඩින් ඇවිත් ෆයිල් එකක් මූනට පත බෑවුනේ නැතැයි.අවුලක් නෑ.කහ වැහි රතු වැහි වැස්ස එකේ ෆයිල් වැහි වහින එක සාමාන්‍යයිනේ කියලා හිතලා ආයෙත් අරකිගේ පැත්තට හැරුනේ ඕපයක් හොයන්න හිතාගෙන බං.
"හරි හරි මෙ...මොකක්ද වුනේ කියනවකෝ...අපිටත් පුලුවන්නේ එතකොට හෙල්ප් එකක්වත් දෙන්න..."
"අනේ බලන්නකෝ මෙයා....මම අද කෑම එකයි පර්ස් එකයි ඔක්කොම දාලා ඇවිත්නේ...මහේශ් එක්ක ආපු නිසා අමතක වෙලා...දැන් දවල්ට කන්න විදියකුත් නෑ....මං මොකක්ද අනේ කරන්නේ දැන්..ඉහි...ඉහි...ඉහි...."
හරිනේ....අහක යන නයි මොකක්ද එකක් අස්සේ දාගත්තා වගේ එකක්නේ යකූ මට වුනේ.මුන්ටත් ඉතින් කොල්ලෙක් එක්ක ඉන්නකොට ඔක්කොම අමතකයි.හැබැයි ඒකත් එක අතකට හොදයි බං.ඒකට අපේ ගෑනි.මම වැඩිපුර ඇහි පිල්ලමක් ගැහුවත් ඒකත් මතකයි කියාපියකෝ.
"ඒකත් එහෙමද...හරි...ඔයා මගේ බත් එක කන්නකෝ....මම අද කැන්ටින් එකෙක් කන්නම්..."
එහෙම කියලා ගෙදරදි වලි දාගෙන යුද්ද ප්‍රකාශ කරගෙන බෙදාගෙන ආපු බත් එක ඒකිට දුන්නේ මං හිත යටින් අඩ අඩ යකූ.ඇයි හත්තිලව්වේ කැන්ටිමේ දෙන අර දිය බත මොන යකාටද කන්න පුලුවන්.
ඒත් කියන්න සතුටුයි සහෝදර වරුනි..මට ඒකිට බත් එක දීලා යහතින් ඉන්න වුනේ තප්පර දෙකයි යකූ.කොහෙන්දෝ මංදා පාත් වුන ගඩොල් බාගයක් වගේ එකක් මගේ ඔලුව සිප ගත්තේ මට පාන් කියවෙද්දි.
ඉස්සෙල්ලා ෆයිල්.දැන් මොනවද වැදුනේ කියලා බලන්න හිතාගෙන බිමට නැවුනේ ඒ තරම් සනීපෙට ඔලුවට ඒක වැදුන නිසයි.
ඈහ්...😨යකූ ෆෝන් එකක්...මම බිම දනගාගෙන බඩ ගාගෙන මේසේ අස්සට ගිහින් ඒ ෆෝන් එක ඇහිද ගත්තේ ඔලුවට නෙවෙයි කොහෙට වැටුනත් අනේ තව ෆෝන් වැටියන් තව ෆෝන් වැටියන් කියලා හිත හිත.අරකිත් මං දිහා බලන් ඉන්නවා නිකං ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ.
පොඩ්ඩක් හෝව්...මේක මගේ ෆෝන් එක වගේනි බං...හුටා මේක මගේ තමයි යකූ..වැටිච්ච පාරට ඩිස්ප්ලේ කුඩු කියහංකෝ.අයියෝ මම මාසයක් වැඩ කරලා ගෑනිගේ රෙස්පට් බල බල ගත්ත මගේ වස්තු කැටේ.
මම හතර වටේට රේඩාර් එක දාලා බැලුවේ මගේ මීටරේට අනුව බස් එකේ එනකොට මට මතක් වුනා ෆෝන් එක දාලා නේද ආවේ කියලා.
වටපිට බලනකොට දැක්කේ යකූ අපේ ගෑනි නැන්දම්මා හුරතලේට ඇති කරපු මකර පැටියා වගේ ගිනි පිබ පිබ මගේ
පිටි පස්සේ ඉන්නවා.
"ආ...හොද වෙලාවට මම ෆෝන් එක දෙන්න හරි ආවේ...දැන්නේ තේරෙන්නේ මෙයා බත් වැඩිපුර බෙදන්න කියලා ගෙදර දෙක කලේ මේ තොරොම්බල් කරත්තේ එක්ක ජෝඩු දාලා කන්න කියලා...එලියෙන් එන්න එපා කියද්දි මං ඇතුලට ආවේ තමුසෙගේ මේ හොර අල්ලන්න තමයි...ඉන්නවකෝ මම අද තමුසෙට...."
"ආව්.. ආව්...ගෑනියේ රිදෙනවා...ගහන්න එපා...බුදු අම්මෝ මගේ කොන්ද...වෙච්ච දේ අහනවකෝ ගෑනියේ..අම්මෝ..."
මේ යක්සනී අහල පහල තියෙන අතට අහුවෙන හැම එකෙන්ම මට දමලා ඇරියේ කාලි අම්මා වැහුනා වගේ කියපියකෝ.අන්‍තිමේදි ලග ටේබල් එකේ තිබ්බ ලැප් එකෙනුත් කොන්දට ගහලයි යකූ ඕකි හති අරින්න නැවැත්තුවේ.
ඔයාලා මං ගැන දුක් වෙන්න එපා මචංලා.මට අවුලක් නෑ.ඇහි පිල්ලම් එහෙම ගහන්න පුලුවන්.
-නිමි-
Sanda se

Comments